Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

හතරවන ආසියානු වූෂු තරතාවලිය 2018

හතරවන ආසියානු වූෂු තරතාවලිය 2018-03-21 සිට 26 දින දක්වා පාකිස්තානයේ "ලාහෝර්" නුවරදි පැවැත්වන ලද අතර ඒ ස‍ඳහා මෙම රෙජිමේන්තුව නියෝජනය කරමින් සෙ/679247 ලා/කෝ ශානික කේඩබ්ඒඑන් - 1 ශ්‍රීලයුපොහේබ යන කොනොනි 65 kg බර පන්තිය යටතේ සහභාගි වු අතර එහිදි එම තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබිණි.

Sinhala

ආසියානු ඔරු පැදීමේ තරගාවලිය 2017

ආසියානු ඔරු පැදීමේ තරගාවලිය 2017 සැප්තැම්බර් මස 04 වන දින සිට 08 වන දින දක්වා තායිලන්තයේ "පටායා" නුවරදි පැවැත්වු අතර ඒ සඳහා මෙම රෙජිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සහභාගි වු අතර එහිදි පිරිමි ජයග්‍රහණ 02 ක් හා කාන්තා ජයග්‍රහණ 04 ක් ලබා ගන්නා ලදී.

Sinhala

ආරක්‍ෂක සේවා මෝටර් රථ තරගාවලිය - 2018

ආරක්‍ෂක සේවා මෝටර් රථ තරගාවලිය 2018 මාර්තු මස 29 වන දින සාලියපුර ගජබා සුපර්ක්‍රොස් ධාවන පථයේදි පවත්වන ලදි. මෙම තරගාවලියේ 125 සීසී කාණ්ඩය නියෝජනය කරමින් සහභාගිවු ලා/කෝ බස්නායක බීඑම්අයිඑස් විසින් තුන්වන ස්ථානය දිනාගන්නා ලදි.

Sinhala

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් රථ තරගාවලිය - 2018

යුද්ධ හමුදා මෝටර් රථ කමිටුව වෙතින් දෙවන වරට සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු මෝටර් රථ තරගාවලිය 2018 මාර්තු මස 27 වන දින සාලියපුර ගජබා සුපර්ක්‍රොස් ධාවන පථයේදි පවත්වන ලදි. මෙම තරගාවලියේ 250 සීසී කාණ්ඩය නියෝජනය කරමින් සහභාගිවු ලා/කෝ බස්නායක බීඑම්අයිඑස් විසින් තුන්වන ස්ථානය දිනාගන්නා ලදි.

Sinhala

රික්සෝ ටී 20 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම අනුශූරයන් බවට පත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරන බලකාය වෙතින් සංවිධානය කරනු ලැබු රික්සෝ ටී 20 ක්‍රිකට් තරගාවලිය 2018 මාර්තු මස 23 වන දින අවසන් මහා තරගය වන තෙක් කන්ඩායම් 12 ක සහභාගිත්වයෙන් යුතුව බන්ඩාරවත්ත ගුරුවිදුහල් ක්‍රීඩාංගනය - බලපිටිය හීදි පවත්වන ලදි. මෙහිදි අවසන් මහා තරගයට සහභාගිවු අප රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම අනුශූරයන් බවට පත්වූ අතර, සෙ/680157 ලා/කෝ මලිත් අශාන් ඩබ්පී යන කොනොනි සමස්ත තරගාවලියේ හොදම පන්දු යවන්නා වශයෙන් තේරි පත්විය.

Sinhala

එතෙර සංචාර සඳහා මුදල් පරිත්‍යාග ලබාදීම

2018 මාර්තු මස 27 වන දින සිට 2018 අප්‍රෙල් මස 04 වන දින දක්වා මැලේසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සඳහන් නිලධාරි හා කොනොනි සහභාගිවීමට නියමිත ඇති අතර, ඔවුන් වෙනුවෙන් රෙජිමේන්තුවේ සියලු නිලධාරි හා සෙසුනිලයින් වෙතින් රු: 162,000.00 ක මුදලක් මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඔවුන් වෙත 2018 මාර්තු මස 20 වන දින ප්‍රධානය කරන ලදි.

Sinhala

ජාතික වෙරළ කබඩි තරගාවලිය - 2018

ජාතික වෙරළ කබඩි තරගාවලියේ අවසන් මහ තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය 2018 මාර්තු මස 17 වන දින තංගල්ල වෙරළ තීරයේදි පවත්වන ලදි. “ඒ” කාණ්ඩයට අයත් තරගාවලියට සහභාගි වු අප රෙජිමේන්තු කණ්ඩායම අනුශූරයන් බවට පත්වු වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමග තියුනු තරගයකට මුහුන දෙන ලදි.

Sinhala

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ තරගාවලිය - 2018

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ තරගාවලිය 2018 මාර්තු මස 05 වන දින 09 වන දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය පනාගොඩහීදි පැවැත්වෙන ලදි. මේ සඳහා අප රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගිවු කණ්ඩායම රන් පදක්කම් 01 ක් හා ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට හැකියාව ලැබුනි.

Sinhala

53 වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරගාවලිය - 2018

55 වන යුද්ධ හමුදා මලල කි‍්‍රඩා ශුරතාවලියට සමගාමිව 53 වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරගාවලිය 2018 මාර්තු මස 04 වන දින ගාල්ල බද්දේගම ප‍්‍රදේශයේදි පවත්වන ලදි. එම තරගාවලිය වෙනුවෙන් මෙම රෙජිමේන්තුව නියෝජනය කරමින් පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගි වු අතර, කාන්තා කණ්ඩායම අනුශූරතාවය ද, පිරිමි කණ්ඩායම 09 වන ස්ථානය ද හිමිකරගන්නා ලදි.

Sinhala

අභිමානය ගෙනදුන් ශ්‍රීලයුහපොහේබ මුෂ්ඨි ප්‍රහාරක ශූරයා

දසකයකට ආසන්න කාලයකට පසුව ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තුවේ අභිමානය මුශ්ඨි ප්‍රහාරක කෞෂලයෙන් ජාතික තලයට උසුලා තැබීම සඳහා 6 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙත අයත් සෙ/679443 ලා/කෝ රාජකරුණා ආර්ඩබ්එම්එස්බි යන සෙනි හට 2018 ජනවාරි මස 18 දින සිට 20 වන දින දක්වා කොළඹ රාජකීය විදුහලේදී පැවති ජාතික ශූරතා ලේටන් කුසලාන තරගාවලිය - 2017 දී හැකියාව ලැබුණි.

Sinhala