Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th March 2018 11:14:49 Hours

අභිමානය ගෙනදුන් ශ්‍රීලයුහපොහේබ මුෂ්ඨි ප්‍රහාරක ශූරයා

දසකයකට ආසන්න කාලයකට පසුව ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තුවේ අභිමානය මුශ්ඨි ප්‍රහාරක කෞෂලයෙන් ජාතික තලයට උසුලා තැබීම සඳහා 6 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙත අයත් සෙ/679443 ලා/කෝ රාජකරුණා ආර්ඩබ්එම්එස්බි යන සෙනි හට 2018 ජනවාරි මස 18 දින සිට 20 වන දින දක්වා කොළඹ රාජකීය විදුහලේදී පැවති ජාතික ශූරතා ලේටන් කුසලාන තරගාවලිය - 2017 දී හැකියාව ලැබුණි.

මෙම තරගාවලියට සහභාගි වූ ලා/කෝ රාජකරුණා ආර්ඩබ්එම්එස්බි කිලෝ ග්‍රෑම් 64 බර පන්තියෙන් හා කිලෝ ග්‍රෑම් 60 බර පන්තියෙන් රන් පදක්කම් දිනාගත් අතර, කිලෝ ග්‍රෑම් 64 ජාතික ශූරතාවයෙන්ද රන් පදක්කමක් දිනා ගන්නා ලදි. එමෙන්ම නුදරේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය ස‍‍දහා යුද්ධ හමුදා A කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමටද නියමිතව ඇත.