Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

22nd April 2020 14:50:26 Hours

දිළිඳු පවුල් 40ක් සඳහා වියලි සලාක බෙදා දීම

කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ වසන්තන් නගර් ග‍්‍රාම සේවා වසමේ පදිංචි අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් 40 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දීම පිණිස 5 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2020 අපේ‍්‍රල් මස 15 වැනි දින එම ප‍්‍රදේශය ආශී‍්‍රතව දියත් කෙරුණි. එම ද‍්‍රව්‍ය තොගය සඳහා අනුග‍්‍රාහකත්වය 5 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් සහ තලාතුගොඩ පදිංචි එස්එම් ද සිල්වා මහතා විසින් සපයන ලදී. මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ගේ උපදෙස් මත සහ 5 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වැඩ බලන අණදෙන නිලධාරී මේජර් එන්පීඊඑන් නේරන්ගම ගේ මෙහෙයවීම මත පවත්වන ලදී.