Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th May 2020 18:02:22 Hours

විනයාරක්ෂක බළලත් නිලධාරියෙකුගේ රාජකාරියට එහා ගිය ආදර්ශය

4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ උපකරණ පාලන සැරයන් මේජර් වශයෙන් කටයුතු කරනු ලබන සෙ/676934 බනි 11 අධිකාරි ඒඑම්එස්එස් විසින් 2020.05.05 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානය අසල මාර්ගයේ වැටී තිබු මුදල් පසුම්බියක් අහුලා ඒ පිළිබදව 4 ශ්‍රිලයුපොහේබ අණදෙන නිලධාරි දැනුවත් කර එහි තිබු රු:50090.00 ක මුදල සමග පුද්ගලික ලිපිලේඛණ රාශියක් එහි අයිතිකරු වන සෙ/532467 සාසෙ හතුරුසිංහ එච්එම්එස්ඩි - 4 විපාරෙ ඒකකය වෙත කැදවා භාරදීමට කටයුතු කිරීම තුලින් මානුෂිය ගුණාංග ඉස්මතු කරමින් තම යුතුකම ප්‍රසංශනීය ලෙස ඉටුකර රෙජිමේන්තුව වෙත කීර්ති නාමයක් ගෙනදෙන අන්දමින් ක්‍රියා කිරීමෙන් විනයාරක්ෂකයෙකු වශයෙන් ආදර්ශයෙන් පෙරමුණ ගනිමු යන රෙජිමේන්තු ආදර්ශ පාඨය වඩාත් අර්ථවත් කර ඇත.