Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

සුභසාධන පහසුකම්

රෙම ශ්‍රීලයුයුබ සුභසාධක වෙළඳ සංකීරණය වෙතින් ඉටු කරනු ලබන සේවාවන්

සුභසාධක වෙළදසැල

2011.07.17 දින ආරම්භ කරන ලද සුභසාධකි වෙළඳසැල මගින් සහනදායි මිළගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි අතර, සෙසු නිලයින් සඳහා ණය වශයෙන් වැටුපෙන් අයකර ගැනීමේ පදනම මත රු: 8,000.00 ක උපරිමයකට යටත්ව භාණ්ඩ ලබාගත හැකිය.

සුභසාධක බේකරි වෙළදසැල

2011.07.17 දින ආරම්භ කරන ලද සුභසාධක බේකරි වෙළඳසැල මගින් සහනදායි මිළගණන් යටතේ බේකරි නිෂ්පාදන ලබාගත හැකිය.

2012.07.09 දින ආරම්භ කරන ලද සුභසාධක රෙදිපිළි වෙළඳසැල මගින් සහනදායි මිළගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි අතර, සෙසුනිලයින් සඳහා ණය වශයෙන් වැටුපෙන් අයකර ගැනීමේ පදනම මත රු: 10,000.00 ක උපරිමයකට යටත්ව භාණ්ඩ ලබාගත හැකිය.

විදූලි උපකරණ ප්‍රදර්ශනාගාරය

රෙජිමේන්තු නිලධාරී/සෙසුනිලයින් සඳහා පහසු ගෙවිමේ පදනම මත රු: 50,000.00 ක ණය මුදලකට යටත්ව විදුලි උපකරණ ලබාගත හැකිය.

කරණවෑමි හල

ප්‍රවාහන පහසුකම්

සුභසාධක බස් රථය

මිළගණන් පහත සඳහන් පරිදි වේ.

1 ශ්‍රීලයුයුබ සාමාජිකයින් /විශ්‍රාමික නිලධාරි සහ සෙසුනිල (කි.මි 01 සදහා) Rs:125.00
2 වෙනත් රෙජිමේන්තු නිලධාරි සහ සෙසුනිල (කි.මි 01 සදහා) Rs:160.00
3 සිවිල් පුද්ගලයින් සදහා (කි.මි 01 සදහා) Rs:163.00

නිලධාරි සහ සෙසුනිලයින් සදහා රාත්‍රි නවතාතැබීම් - රු.500.00

සිවිල් පුද්ගලයින් සදහා රාත්‍රි නවතාතැබීම් - රු.1000.00


සැලකිය යුතුයි: වෙන්කරවා ගැනීම් සහ තවත් තොරතුරු සඳහා.

1 රෙජි ශ්‍රීලයුයුබ විධායක අධිකාරි - 0114057592/ 0112748547.

රෙම ශ්‍රීලයුයුබ මාණ්ඩලික නිලධාරි 2 (ගිණුම්) - 0342251927.

සුභසාධක වෑන් රථය

මිළගණන් පහත සඳහන් පරිදිවේ.

1 ශ්‍රීලයුයුබ සාමාජිකයින් /විශ්‍රාමික නිලධාරි සහ සෙසුනිල (කි.මි 01 සදහා) Rs:103.00
2 වෙනත් රෙජිමේන්තු නිලධාරි සහ සෙසුනිල (කි.මි 01 සදහා) Rs:138.00
3 සිවිල් පුද්ගලයින් සදහා (කි.මි 01 සදහා) Rs:141.00