Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ බලකායේ සේවාමුක්ත භට සංගමය

ලේඛන සටහන් නැතත් ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ බලකායේ පුරෝගාමි සේවාමුක්තයින්ගේ මතකයේ හැටියට ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ බලකායේ සේවා මුක්තයින්ගේ සුභසාධන කටයුතු පිළිබඳව කටයුතු කිරීමට සංගමයක් පිහිටුවා ගැනීම සඳහා සේවාමුක්ත නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් 1978 වසර අග භාගයේදී විශ්‍රාමික ලුතිතන් කර්නල් ඩීඑෆ්ටී අබේසිංහ මහතාගේ කොළඹ 03 විජේරාම මාවතේ 35/1 දරණ නිවසේදී සාකච්ඡා පවත්වා තිබේ.

මෙම වකවානුවේදී එවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ වැඩ බලන අණදෙන නිලධාරී වූ මේජර් ටි සිවෂන්මුගම් (විශ්‍රාම ලබන විට මේජර් ජෙනරල්) මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ සේවාමුක්තයින් වෙනුවෙන් සංගමයක් පිහිටුවිම සඳහා රැස්විමක් කැඳවන ලදී. එම රැස්විම 1979.02.24 දින කොළඹ 1 බ්‍රිස්ටල් විදියේ ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ දේශන ශාලාවේදී පවත්වන ලදී.

මෙම රැස්විමේදී ලුතිතන් කර්නල් ඩීඑෆ්ටී අබේසිංහ (විශ්‍රාමික) මහතා සංගමයේ ප්‍රථම සභාපති වශයෙන් පත්කර ගන්නා ලදී. ලේඛම් වශයෙන් කපිතන් එස් විශ්නරාජා මහතාද භාණ්ඩාගාරික වශයෙන් කපිතන් ඩිපී බැද්දෙවිතාන මහතාද පත්වූහ. සංගමය ශ්‍රී ලංකා යුධොපකරණ සේවා මුක්ත භට සංගමය නමින් ආරම්භ කරන ලදී.

යාවජීව සාමාජිකත්වය

ලංකා (සිලෝන්) යුද්ධ හමුදා යුධොපකරණ බලකායට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට (නිත්‍ය හෝ ස්වේච්ඡා) වශයෙන් බැඳී ඉන් නිත්‍යානුකූලව ඉවත්වන සියලු ම දෙනා යාවජීව සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් ලබති.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ 13 වන අනුබද්ධිත සංගමය වශයෙන් 1981 ජූනි මාසයේදී අනුබද්ධතාවය ලබාගන්නා ලදී.

සංගමයේ හිටපු සභාපතිවරු

නම සිට දක්වා
ලුති කර්නල් ඩීඑෆ්ටී අබේසිංහ 1979.02.24 1983.12.18
කර්නල් ඒඒඩිඩි පෙරේරා 1983.12.19 1992.07.26
කර්නල් ඊඛ්අයි ද ෆොන්සේකා 1992.07.27 1993.05. 09
කපිතන් ඒටී තාඹුගල 1993.05.10 1993.07.25
බ්‍රිගේඩියර් ජීආර් ජයසිංහ 1993.07.26 1996.07.28
කපිතන් ඒටී තාඹුගල 1996.07.26 1998.02.22
මේජර් දේශකීර්ති ජීඑම් පියදාස 1998.02.23 2003.02.23
බ්‍රිගේඩියර් දේශකීර්ති ජේපීඒ ජයවර්ධන 2003.02.24 මේ දක්වා

සංගමයේ හිටපු ලේකම්වරු

නම සිට දක්වා
කපිතන් එස් විග්නරාජා 1979.02.24 1983.12.18
කර්නල් ඊඩිඅයිද ෆොන්සේකා 1983.12.19 1992.07. 26
මේජර් දේශකීර්ති ජීඑම් පියදාස 1992.07.26 1998.02.22
දේශකීර්ති විඩී ගුණසේන මහතා 1998.02.23 2007.02.25
දේශකීර්ති බීඒඅයි පෙරේරා මහතා 2007.05.26 2009.02.22
දේශකීර්ති විඩී ගුණසේන මහතා 2009.02.23 2010.02.21
ජීඑස්ද සිල්වා මහතා 2010.02.22 මේ දක්වා

සංගමයේ හිටපු භාණ්ඩාගාරිකවරු

නම සිට දක්වා
කපිතන් ඩිඒ බැද්දෙවිතාන 1979.02.24 1980.01.20
කර්නල් ඊඩි අයිද ෆොන්සේකා 1980.01.21 1981.02.28
එම්කේද සිල්වා මහතා 1981.02.29 1999.02.28
දේශකීර්ති එස්ආර් විලියම් මහතා 1999.02.29 2004.02.22
දේශකීර්ති හෙන්රි කන්දගේ මහතා 2004.02.23 2010.02.21
ජී ප්‍රේමතිලක බංඩාර මහතා 2010.02.22 මේ දක්වා

එවකට ගරු සභාපතිත්වය දැරූ ඒඒඩීබී පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව 1984 මැයි 27 වන දින මරණාධාර අරමුදලක් පිහිටුවන ලදී. ප්‍රථම මරණාධාර ප්‍රදානය රු: 2000.00 ක් විය. එය මේ වන විට රු: 25000.00 දක්වා වැඩිකර තිබේ. මේ දක්වා මරණාධාර අරමුදලේ අභාවප්‍රාප්ත වූ සාමාජික/සාමාජිකාවන් 52 ක් වෙනුවෙන් රු: 520000.00 ක මුදලක් මුදාහැර තිබේ.

1999 පෙබරවාරි මස 28 වන දින පැවති වාර්ෂික මහා සභා රැස්විමේදී සංගමයේ නාමය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සංගමය නමින් (ශ්‍රීලයුයුස) සංශෝධනය කරන ලදී.

ශත සංවත්සරය උදාවිමත් සමඟ 2000 ජනවාරි මාසයේදී එවකට සභාපතිත්වය දැරූ මේජර් දේශකීර්ති ජීඑම් පියදාස (සා:වි) විසින් ‘තන්ඩර්’ නමින් අර්ධ වාර්ෂික පුවත්පතක් එලිදක්වන ලදී. එහි ප්‍රථම මුද්‍රණය 2000 පෙබරවාරි 28 වන දින පැවැති වාර්ෂික මහා සභා රැස්විමට පැමිණි සාමාජිකයන් අතර බෙදා දෙන ලදී. එහි 25 වෙනි කළාපය 2012 ජනවාරි මාසයේදී නිකුත් කරන ලදී. පසුගිය කාලය තුළ සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සඳහා මුදල් රැස් කිරීමට වේදිකා නාට්‍යය සහ සංගීත සංදර්ශන ගණනාවක් පවත්වන ලදී.

25 වසර පූර්ණ සමරු උළෙල (රිදී ජුබිලිය) උත්කර්ෂවත් අන්දමින් 2004 ඔක්තෝබර් මස 23 වන දින පවත්වන ලදී. ඊට සමඟාමීව ගරු සභාපති බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන යූඑස්පී මහතාගේ සංවිධානත්වයෙන් සහ සී/ස පියුප් පිල්ඞ් හේලීස් නිෂ්පාදන ආයතනයේ අනුග්‍රහයෙන් 2004 නොවැම්බර් මස තෙදිනක් තුළ කොළඹ කළා භවනේදී පවත්වන ලදී ඡායාරූප ප්‍රදර්ශණය සේවා සාමාජිකයින්ගේ සහ මහජනතාවගේ ඉමහත් ප්‍රසාදයට ලක්විය.

30 වසර පූර්ණ සමරු උත්සවය 2009 සැප්තැම්බර් මස 12 වන දින වර්ණවත්ව පැවැත්වූ අතර ඊට සමඟාමිව පවත්වන ලදී අක්‍ෂි සායනයේදී ඇස් කණ්නාඩි 31 ක් සාමාජිකයින්ට පරිත්‍යාග කරන ලදී.

ලබා ඇති කුසලතා

ජනාධිපති සම්මාන - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රථම වරට සංවිධානය කළ ජනාධිපති සම්මාන දේශකීර්ති ජේ්‍යෂ්ඨ පුරවැසි සම්මානය ලබාගැනීමට පහත නම සඳහන් සාමාජිකයෝ භාග්‍යවත් වූහ. සම්මාන පිරිනැමීමේ උළෙල 2007 ඔක්තෝබර් මස 5 දින පවත්වන ලදී.

බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන යූඑස්පී
මේජර් ජීඑම් පියදාස
ඩඩිබීජේ ජෝතිපාල මහතා
විඩි ගුණසේන මහතා
බිඒඅයි පෙරේරා මහතා
එස්ආර් විලියම් මහතා
හෙන්රි කන්දගේ මහතා

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ යාවජීව සාමාජිකත්වය ලබා ගැනීමට පහත නම් සඳහන් සාමාජිකයෝ සමත්ව සිටි.

ඩඩිඩිජේ ජෝතිපාල මහතා
විටි ගුණසේන මහතා
බ්‍රිගේඩියර් ඒආර් ජයසිංහ
මේජර් ජීඑම් පියදාස
මේජර් ජෙනරාල් ටි සිවෂන්මුගම්
ජේආර් අතපත්තු මහතා
එස්ආර් විලියම් මහතා
කපිතන්(උපා) ආර්ඒ අල්විස්

ක්‍රීඩා

2004 වර්ෂයේදී ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ අනුබද්ධිත සංගම් අතර පැවති සය සාමාජික සැහැල්ලු පන්දූ ක්‍රිකට්තරගාවලියේ හොඳම පරාජිත කණ්ඩායම් ශූරතාවය සහ බිලියඞ්/ස්නූකර් තරගාවලියේ අනුශූරතාවය ලබාගන්නා ලදී. 2005 වර්ෂයේදී පවත්වන ලදී බිලියඞ්/ස්නූකර් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදී.

2008 වර්ෂයේදී එවකට සිටි යුද්ධ හමුදාධිපතිතුමා විසින් දොඹගොඩ පිහිටි ශ්‍රීලයුයුබ රෙජිමේන්තු මූලස්ථානයට යාබදව අපගේ සංගමයේ කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ද අක්කර දෙකක භූමි භාගයක් ද ලබාදෙන ලදී. කාර්යාලය ඉදිකිරීමේ නිමකොට 2010 පෙබරවාරි 21 වන දින උත්සවාකාරයෙන් විවෘතකරන ලදී.

පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් මැහුම්හලක් සහ පාවහන් අලුත්වැඩියා කිරීමේ හලක් ස්ථාපිත කිරීමට කටයුතු සලසන අතර අක්කර 2 ක භූමි භාගයේ වගා කිරීමට සැලසුම්කොට තිබේ. මෙයින් ලැබෙන ආදායම් සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා යොදවනු ලැබේ.

සංගමයේ ගරු සභාපති බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන යූඑස්පී එම්එස්එම්එම් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ මාධ්‍ය හා ප්‍රචාරක කමිටුවේ සභාපති වශයෙන් (2011-2012) සේවය කරන අතර සේවාමුක්ත භට සංගමයේ සහ අනුබද්ධිත සංගම්වල රණවිරු පුවත් ඬේලි නිවුස් සහ දිනමිණ පුවත්පත් සෑම බ්‍රහස්පතින්දා දිනකම පලකිරීමේ අවස්ථාව ලබාගැනීමට කටයුතුකර තිබේ.

මේ වන විට සංගමයේ යාවජීව සාමාජිකත්වය 539 කින්ද ආශ්‍රීත සාමාජිකත්වය 119 කින්ද අනුබද්ධිත සාමාජිකත්වය 1309 කින්ද සමන්විත මේ. මරණාධාර අරමුදලේ සාමාජිකත්වය සාමාජිකයින් 206 ක් වන අතර සාමාජිකයින්ගේ භාර්යාවෝ 79 ක්ද සාමාජිකත්වය ලබා සිටිති.

1979.02.24 වන දින ශ්‍රීලයුයුබ සංගමය පිහිටවීම සඳහා සකස්කළ න්‍යාය පත්‍රය