Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ ඉතිහාසය

දීර්ඝ කාලයක සිට රටේ පැවති ත්‍රස්තවාදය හේතුවෙන් රට තුළ යුද්ධ හමුදාවේ සංයුතිය වැඩිවීමත් සමඟ සේමු/බසේමු/රෙම/පුහුණු පාසල් හා ඒකක දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපනය කිරීමත් සමඟ භටපිරිස් සඳහා යුද්ධ හමුදාව වෙත ලබාගන්නා ලද භාණ්ඩ ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීමෙන් ගැටලු සහගත තත්වයකට මුහුණ දීමට සිදුවිය.

මෙයට පිළියමක් වශයෙන් රම්මුතුගල රාජසිංහ විදුහලට යාබදව පිහිටි අක්කර 1 යි රූට් 03 යි පර්චස් 23.05 කින් යුත් ශ්‍රි ලංකා දුම්කොළ සංස්ථාවට අයත් ඉඩම සහ එම ගොඩනැගිලි 1987.02.25 දින යුද්ධ හමුදාව වෙත පවරා ගැනීමෙන් පසු 1 රෙජි ශ්‍රිලයුයුබට අයත් බැරැක්ක උප ගබඩාවක් වශයෙන් මෙම ගබඩාව ආරම්භ කරන ලදී.

ආරම්භයේදී මෙම ගබඩාවේ නිලධාරී අණදෙන වශයෙන් කපිතන්(උපා) එස් නාරංගොඩ ශ්‍රිලයුයුබ යන නිලධාරි කටයුතුකර ඇති අතර, කඳවුරේ ආරක්‍ෂක කටයුතු සඳහා සෙබඵන් සති 02කට වරක් 1 රෙජි ශ්‍රිලයුයුබ වෙතින් රැගෙන එන ලදී. 1987.02.25 දින සිට 1992.06.31 දින දක්වා 1 රෙජි ශ්‍රිලයුයුබ යටතේ රෙදිපිළි ගබඩාව පාලනය වන ලදී.

1992.07.01 දින මුලික යුධොපකරණ ගබඩාව(මරදාන) ආරම්භ වීමෙන් අනතුරුව එතැන් පටන් 2009.12.23 දින දක්වා යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව - කඩවත වශයෙන් මෙම ගබඩාව මුයුග(මර) යටතේ පාලනය වු අතර, ARO/109/2009 - G/SD/51/4 හා 2009.12.24 දින දරණ හමුදා චර්යා නියෝගයට අනුව 2009.09.18 දින සිට “යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව” වශයෙන් 5×90 ක භටපිරිසක් නව සංස්ථාවට ඇතුළත්කර ස්වයං ගිණුම් තබන ඒකකයක් වශයෙන් ස්ථාපනය කිරිමෙන් අනතුරුව ආරම්භක සේනාවිධායක ලෙස මේජර් ජේඑස් වීරකෝන් ශ්‍රිලයුයුබ යටතේ නිලධාරීන් තිදෙනෙක්, ජ්‍යෙකොනොනින් 13 දෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 54 දෙනෙකු මෙම රෙදිපිළි ගබඩාවේ රාජකාරි කරන ලදී.

ඉන් අනතුරුව වේයන්ගොඩ ටෙක්ස්ටයිල් මිල්ස් සමාගමට (වේටෙක්ස්) අයත්ව තිබු භූමි ප්‍රදේශය/ ගොඩනැගිලි යුද්ධ හමුදාව වෙත පවරාගැනිමෙන් අනතුරුව එම ගබඩා සංකිර්ණය යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ නිලධාරි/සෙනින්ගේ ශ්‍රමදායකත්වයෙන් අලුත්වැඩියා කිරිමෙන් පසු කඩවත රම්මුතුගල සිට සියලුම රෙදිපිළි/ඇදුම් ආයිත්තම් හා උපකරණ වේයන්ගොඩ වෙත රැගෙන එන ලද අතර, ඉන් අනතුරුව 2011.03.30 දින සිට සියලුම කාර්මික හා පාලන රාජකාරින් යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව - වේයන්ගොඩ සිට ආරම්භ කරන ලදී. වත්මන් සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් සීඑස් දිසානායක ඒටීඕ ශ්‍රිලයුයුබ යටතේ නිලධාරින් තිදෙනෙක්, ෙජ්‍යකොනොනින් 08 දෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 72 ක භටපිරිස් සංඛ්‍යවකින් යුතුව කාර්යක්‍ෂමව හා නිවැරදිව යුද්ධ හමුදා ආයතන 107 ක ගිණුම් කටයුතු සිදුකරමින් පවතී.

යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව රම්මුතුගල හා වේයන්ගොඩ ආරම්භයේ සිට මේ දක්වා සේනාවිධායක/ අණදෙන නිලධාරී තනතුර හෙබවු නිලධාරින්ගේ රාජකාරි කළ කාලසීමාවන් පහතින් දක්වා ඇත.

යුහ රෙදිපිළි ගබඩාවේ කාර්යභාරය හා කාර්යයන්

කාර්යභාරය

වෘත්තීයමය, යැපෙන්නන් හට මිත්ත්‍රශීලී/නවින තාක්‍ෂණික ප්‍රවේශයක් සහිතව වගකීම හා වගකිවයුතු බව සහතික කරමින් සියලුම යුධොපකරණ ආයතන/යැපුම් ඒකක සඳහා යුධොපකරණ කාර්යයන් මඟින් ඵලදායී හා කාර්යක්‍ෂමව රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩ ලබාදීම.

කාර්යයන්

සියලුම යුධොපකරණ ඒකක/යැපුම් ඒකකයන්ට අදාළ වන සියලුම වර්ගයේ රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩ අදාළ වන පරිමාණ, කාර්යය මණ්ඩල පිළිබඳ යුධොපකරණ සැපයුම්වල ට අදාළ දත්ත සහ තොරතුරු නඩත්තුකර පවත්වාගෙන යාම සහ ඒවා වාර්ෂිකව යාවත්කාලීින කිරීම.

සියලුම යැපුම් යුධොපකරණ ආයතන/යැපුම් ඒකකයන්හි අවශ්‍යතාවය මත සියලුම වර්ගයේ රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රීඩා/සුභසාධක භාණ්ඩවල ට අදාළ ව ඇස්තමේන්තු සකස් කිරීම, ලබා ගැනීම, පරික්‍ෂා කිරීම, ගබඩා කිරීම, ගිණුම් තැබීම, නඩත්තු කිරීම, ඉදිරි ප්‍රවාහනය කිරීම/නිකුත් කිරීම සහ ඊට අදාළ ස්වංක්‍රීය ද්‍රව්‍ය කළමණාකරන පද්ධතිය මනා ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම.

ප්‍රමිතිගත, ගුණාත්මක හා ඵලදායී යුධොපකරණ සැපයුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම උදෙසා දේශීයව හා විදේශීය දෙයාකාරයෙන් ම ලැබෙන සියලුම වර්ගයේ රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩ සූක්‍ෂම හා සියුම් පරික්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් භාණ්ඩවල පිළිගත හැකි ප්‍රමිතියක් තහවුරු කිරීම.

රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩවලට අදාළ වන අනුමත සාම්පල/පිරිවිතර යුහමු/කාඇක සහ සියුම් පරික්‍ෂණ කණ්ඩායම් හි අවස්ථාවයන් සඳහා යොමුකිරීම පිණිස සුරක්‍ෂිතව රඳවා ගැනීම/භාරයේ තබා ගැනීම.

යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ/යුහමු අදාළ අම උපදෙස් පරිදි සියලුම රෙදිපිළි හා රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩ ප්‍රමාණවත් අතිරේක තොග පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ඊට අදාළ ගිණුම් කටයුතු නිවැරදිව සිදුකිරීම.

සියලුම වර්ගයේ රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩ වෙනුවෙන් වාර්ෂික මිළදර්ශන ප්‍රකාශයට පත්කිරීම හා යාවත්කාලින කිරීම.

එදිනෙදා කාර්යයන් ඉටුකිරිමේදී සිදුකරනු ලබන පුහුණුවද ඇතුඵව රෙදිපිළි/ඇඳුම් ආයිත්තම් හා ක්‍රිඩා/සුභසාධක භාණ්ඩවලට ආවේනික යුධොපකරණ වෘත්තීය පුහුණුව හා මගපෙන්වීම් තුළින් වගකීම් බලප්‍රදේශය තුළ පිහිටි සියලුම යුධොපකරණ ආයතනයන්හි කාර්යයන් මණ්ඩලයන් පුහුණු කරවීම හා එමඟින් ඔවුන් තුළ ඉන් උසස් මට්ටමේ කාර්මික නිපුණතාවයක් තහවුරු කිරීම.

යුහ රෙපිග නිලධාරි අණදෙනවරුන්

නිලය නම සිට දක්වා
කපිතන්(උපා) එස් නාරංගොඩ 1991.07.15 1992.03.14
කපිතන්(උපා) බි චන්ද්‍රදාස 1992.03.14 1992.05.10
කපිතන්(උපා) එස් නාරංගොඩ 1992.05.10 1992.11.25
මේජර් එල්එම්එස් චන්ද්‍රසේකර 1992.11.25 1995.03.21
කපිතන් බිඑස්ජි නානායක්කාර 1995.03.21 1999.08.03
මේජර් ජිජිඩි ගුණසේකර 1999.08.03 2001.02.20
මේජර් එචිඑම්යුබි හේරත් ආර්එස්පී ඒඒටීඕ එල්එස්සි 2001.02.20 2001.05.18
මේජර් එස්එච්එම් තිලකරත්න ඒඒටීඕ 2001.05.18 2002.04.22
මේජර් එස්එම්ඒකේ වනසිංහ ඒටීඕ 2002.04.22 2002.07.03
මේජර් එස්එච්එම් තිලකරත්න ඒඒටීඕ 2002.07.03 2003.07.14
මේජර් එල්කේ කෝට්ටේආරච්චි එල්එස්සී 2003.07.17 2004.09.02
මේජර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටීඕ 2004.09.02 2005.06.15
මේජර් ඒඑස් වඩුගේ ආර්එස්පී 2005.06.15 2008.07.02
මේජර් එන්ඒඩබ්පී පෙරේරා ඒටීඕ 2008.07.02 2009.10.21
මේජර් ජේඑස් වීරකෝන් 2009.10.21 2009.12.24

යුහ රෙපිග සේනාවිධායකවරුන්

නිලය නම සිට දක්වා
මේජර් ජේඑස් වීරකෝන් 2009.12.24 2010.04.11
ලුතිතන් කර්නල් ජේඑස් වීරකෝන් 2010.04.11 2012.04.10
මේජර් ජියුඑස් ද එස් ගුණවර්ධන 2012.04.10 2012.11.01
ලුතිතන් කර්නල් ජියුඑස් ද එස් ගුණවර්ධන 2012.11.01 2014.04.07
ලුතිතන් කර්නල් ජිකේඅයි විතානච්චි ඒටීඕ 2014.04.07 2014.08.06
ලුතිතත් කර්නල් සිඑස් දිසානායක ඒටීඕ 2014.08.06 2016.01.13
ලුතිතත් කර්නල් ආර්ඒපිඒබි දිසානායක ඒඒටිඔි 2016.01.13 2017.12.18
ලුතිතත් කර්නල් ඩබිඑමිඒඑන් වර්ණසුරිය ඒටිඔි 2017.12.18 2018.09.27
ලුතිතත් කර්නල් විඩි වරුෂවිතාන ඒටිඔි 2018.09.27 2019.12.06
මේජර් ජේජිඑස් එරන්ද එල්එස්සි 2019.12.06 2020.03.04
ලුතිතත් කර්නල් විපිඒපි හපුආරචිචි ඒටිඹි 2020.03.04 2022.02.02
ලුතිතත් කර්නල් පීජිසිඒස් විජේරත්න ඒ්ටීඔි 2022.02.03 2022.07.07
ලුතිතත් කර්නල් ආර්ඒසී රූපසිංහ ඒටීඔි 2022.07.07 මේ දක්වා