Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

27th January 2022 07:57:36 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී රාජකාරී භාර ගන්නා ලදී.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී, 2022 ජනවාරි 21 වන දින ආගමික වතාවත් මධ්‍යයේ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) නව ආඥාපති ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

යුහ චාරිත්‍රානුකූලව නව ආඥාපති වෙත සම්මාන මුරයක් ලබාදුන් අතර ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නව පත්වීම භාරගැනීම සනිටුහන් කරන නිල ලේඛනයන්ට අත්සන් තැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු එම අවස්ථාව සඳහා සහභාගී විය.