Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

02nd November 2021 13:01:37 Hours

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 45 දෙනෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක - 67 සහ වෙඩි ද්‍රව්‍ය /ගබඩාකරු පාඨමාලා අංක - 49 සාර්ථකව නිම කර විසිර යාම

රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක - 67 සහ ගබඩාකරු / වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක - 49 දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී 2021 ඔක්තෝබර් 29 වෙනි දින සාර්ථකව නිම කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ආර්එස්පී ඒටිඕ සහභාගී වූ අතර, යුධෝපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා යුඑස්පි ඒටිඕ කිHqඑල්සිඕ එල්එස්සි විසින් මධ්‍යස්ථාන සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පාඨමාලාව සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු වලට අයත් බළලත් නිළධාරින් / ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 45 ක් සහ සෙසු නිලයින් 30 දෙනෙකුගෙන් යුත් පාඨමාලාවන් හි දක්ෂතම සිසුන් දෙදෙනා ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිය කුසලාන සහ සහතික පත්‍ර ලබා ගන්නා ලදි. දෙවන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සෙ/602847 මාණ්ඩලික සැරයන් ප්‍රියදර්ශන ජේඑකේ රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 67 හි දක්‍ෂතම ශිෂ්‍යයා ලෙසත්, ගබඩාකරු / වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක - 49 හි දක්ෂතම ශිෂ්‍යයා ලෙස පළවන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙ/109082 කෝප්‍රල් ගමගේ ජිඅයිආර්කේ සම්මානයෙන් පිදුම් ලබන ලදි.

මාණ්ඩලික නිලධාරි 1 (භකාස) - රෙම ශ්‍රිලයුයුබ, යුධෝපකරණ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක්ද මෙම උත්සවය සඳහා සහභාගී විය.