Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

15th October 2021 14:02:02 Hours

72 වත යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සරය සහ මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද මේජර් ජෙනරාල් එම් ඊ පී වීරසිංහ යුඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට යුධෝපකරණ බලකායේ ගෞරවාචාරය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අභිමානවත් 72 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබීම සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීම නිමිත්තෙන් යුධෝපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිටි දොඹගොඩ කඳවුරේදී උත්සව මාලාවක් පවත්වන ලදි.

2021.10.14 වන දින යුද්ධ හමුදා පිලිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් සහ බලකායේ සියලුම ඒකකයන් නියෝජනයෙන් සැදුම්ලත් ආකර්ෂණීය පෙලපාලියකින් කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ වෙත උත්තමාචාරය පිළිගන්වන ලදී.

ඉන් පසු 72 වන යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සරය සහ මේජර් ජෙනරාල් නිලයට උසස්වීම සනිටුහන් කිරීම වස් "නා" පැලයක් රෝපනය කරන ලදි.

72 වන යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සරයට සමගාමිව මාතෘභූමිය වෙනුවෙන් බලකායේ රාජකාරි කරමින් සිටියදී මියගිය හා අතුරුදහන් වූ නිලධාරින් හා සෙසුනිලයිත් සිහිපත් කිරිමේ අනුස්මරණ උත්සවය කරනල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් එම් ඒ පී වීරසිංහ යූඑස්පි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එදින 1 රෙජි ශ්‍රීලයුයුබ රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදි.

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ගෞරවය දැක්වීම පිණිස පවත්වනු ලබන මෙම සැමරුම් උත්සවයේ වැඩසටහනක් ලෙස රණවිරු ස්මාරකය වෙත කරනල් සේනාවිධායක ශ්‍රීලයුයුබ, රෙජිමේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සියළු නිලයින් නියෝජනය වන පරිදි රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට මල්කළඹ තැන්පත් කරමින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවට පුෂ්පෝහාර පුද කරන ලදි. ඉන් පසු හිරු නැගෙනා මොහොතේදිත්, හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයන තූර්යවාදක අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සිදුකරන ලදි.

මෙම අවස්ථාවන් සඳහා වත්මන්ව රටේ පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේජර් ජෙනරාල් එම් ඊ පී වීරසිංහ යුඑස්පි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී, මධ්‍යස්ථාන සේනාවිධායක. සේනාවිධායකවරුන්ද, අණදෙත තිලධාරිවරුන්ද, සියළු නිලධාරින්ද, නිලධාරිණියන්ද, රෙජිමේන්තු සැරයන් මේරවරුන් ඇතුළු සියළුම සෙසුලයින් පිරිසක් එක්ව සිටියහ.