Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

25th June 2021 12:35:34 Hours

වාර්ෂික සේවාවනිතා වැඩසටහනට අනුව වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙතින් අධාර බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහ යුධොපකරණ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මගපෙන්වීම මත 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මගින් වියලි ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුලතිව් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ලදනි ළමා නිවාසය වෙත බෙදාදීමේ වැඩසටහනක් 2021 ජුනි මස 11 වන දින පවත්වන ලදී.

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිළධාරී මේජර් ඒඑම්ආර්එච්බී අබේසිංහ යුඑස්පි ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ සියළු නිළධාරීන්/ සෙසු නිළයින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.