Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

07th April 2021 18:22:56 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි යුධොපකරණ පුහුණු පාසල සංචාරය

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වසන්ත මාදොල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුධොපකරණ පුහුණු පාසල, දොඹගොඩ සංචාරය 2021.04.01 දින සිදු කරන ලදි.

යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් තරංග සිල්වා යුඑස්පි ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදි.

මෙහිදි පුහුණු පාසලේ සේනාවිධායක තුමා විසින් පුහුණු පාසල් කාර්යන් හා වගකීම් පිළිබඳව කෙටි හැඳින්වීමක් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමා වෙත සිදු කරන ලද අතර, මෙම සංචාරය සිටුහන් කිරීම වස් අඹ පැලයක් රෝපනය කරන ලදී.සංචාරය අතරතුර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තුමා විසින් නිදර්ශන කුටි, භඨනිවාස පෙදෙස හා කඳවුර පරීක්‍ෂා කල අතර, එතුමන් විසින් පුහුණු පාසලේ පහසුකම් හා පුහුණු පාසලේ ගුණාත්මකභාවය පිලිබඳ සේනාවිධායක තුමා ඇතුළු සියලුම නිලයින්ට ප්‍රසංශාත්මකව ඇගයීමට භාජනය කරන ලදි.

අවසානයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන් විසින් එතුමන්ගේ සුභාශිංසනයන් මතක සටහනක් ලෙස පුහුණු පාසල් මතක සටහන් පොතේ සටහන් තබන ලදි.