Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

07th April 2021 18:12:58 Hours

යුධොපකරණ සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද වෛද්‍ය වැඩමුළුවක් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මින්නේරිය හිදි පවත්වන ලදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මඟපෙන්වීම මත යුධොපකරණ සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද වෛද්‍ය වැඩමුළුවක් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මින්නේරිය හිදි 2021 මාර්තු මස 20 දින පවත්වන ලද අතර, මේ සඳහා ප්‍රධාන ආරාධිත සාමාජිකාව ලෙස යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන පද්මිනී කාරියවසම් මහත්මිය සහභාගි වන ලදී.

මෙහිදි වෛද්‍ය නිශා ප්‍රශාදි ප්‍රනාන්දු මහත්මිය විසින් "යහපත් පවුල් ජීවිතයක් ගතකිරීම" යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.

3 වන ශ්‍රීලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සියලු නිලධාරින්/සෙසු නිලයින් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලද අතර, මේ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනිර) කර්නල් (පාලන/භකාස) කර්නල් කේපිඑන්එස්කේ කාරියවසම් ඒඒටිඕ එල්එස්සි, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිතන් කර්නල් කේඑම්ඒඩබ්ඒකේ පෙරේරා ඒඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, කාන්තා නිලධාරිණියන්, සෙසු නිලයින් සහ ඔවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදී.