Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

31st March 2021 15:43:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2021 මාර්තු මස 18 වන දින පවත්වන ලදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2021 මාර්තු මස 18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහිදි පවත්වන ලදී. යුධොපකරණ මාස්ටර් ජෙනරල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මන්ත්‍රණ සභාව පවත්වන ලද අතර, ඊට මන්ත්‍රණ සභා සාමාජිකයන් සහභාගි වන ලදී.

මෙහිදි පුහුණුවීම කටයුතු ඉහල නැංවීම හා පාලන කටයුතු මෙන්ම භඨ කාර්ය සම්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සබැදිව වැදගත් කරුණු සාකච්චා කරන ලද අතර රෙජිමේන්තුවේ අනාගත සාර්ථකත්වය සඳහා බොහෝ තීරණ ගන්නා ලදී.