Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th March 2021 16:35:09 Hours

මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ 29 වන සංවත්සරය 2021 මාර්තු මස 23 දින පවත්වන ලදි

මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ 29 වන සංවත්සරය 2021 මාර්තු මස 23 දින පවත්වන ලද අතර, සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි වැඩසටහන් මාලාවක් සිදුකරන ලදි.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගනිමින් ආගමික වතාවත් සදහා මුල් තැන ලබාදී බෝධි පුජා පිංකමක් 2021.03.22 දින මඅපග පුජා භූමියෙහි පවත්වන ලද අතර, 2021.03.23 දින සේනාවිධායක වෙත කදවුරු සම්මාන මුරයක් ඉතා උසස් අන්දමින් ලබා දෙන ලදී. තවද සිහිවටනයක් වශයෙන් මඅපගහි රාජකාරි කරනු ලබන නිළධාරි / සෙනීන් සමග සමුහ ජායාරූපයක් ලබා ගන්නා ලදි.

එමෙන්ම එදින සියළු නිළ දිවා භෝජන සංග්‍රහයක් සෙසුනිළ භෝජනාගාරයේදි පවත්වන ලද අතර, සේනාවිධායක විසින් භඨ පිරිස් ඇමතීමක්ද සිදු කරන ලදි.

වැඩසටහන් මාලාවේ අවසාන අංගය වශයෙන් එදින සවස ක්‍රිකට් තරගාවලියක් මඅපග සරඹ භූමියේදි පවත්වන ලදී.