Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

23rd March 2021 19:41:51 Hours

යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක තුමන් බලකායේ කනිෂ්ඨ නිලධාරීන් අමතන ලදී

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් හා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්ඒස්පි යුඑස්පි විසින් 2021 මාර්තු මස 18 වන දින යුධොපකරණ බලකායට අයත් සියළුම කනිෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහීදී අමතන ලදී.

මෙම දේශණයේදී කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන්ගේ ඉදිරි ප්‍රගමනය, විනය හා වෘත්තීය විශේෂඥතාවය පිලිබදව කරුණු අවබෝධ කර දුන් අතර, යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයක් වන " Way Forward Strategy 2020 – 2025 " පිලිබදව අවබෝධයක්ද ඔවුන් වෙත ලබාදෙන ලදී. එමෙන්ම නිල උසස් කිරීමේ විභාග හා අනෙකුත් අත්‍යවශ්‍ය පාඨමාලා සදහා සහභාගිවීමේ වැදගත්කම පිලිබදව ද නිලධාරීන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක තුමා, යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් හා යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායකද සහභාගි වන ලදී.