Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th February 2021 05:30:08 Hours

රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන්ට පළමු වරට යුද්ධ හමුදාධිපති සුරතින් යෂ්ටි ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් සදහා ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෂ්ටි ප්‍රදානය කිරීම 2021.01.29 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීද තමන්ට හිමි යෂ්ටිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති තුමන් වෙතින් ලබා ගන්නා ලදී.