Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

05th February 2021 12:21:48 Hours

යුද්ධ හමුදා සිවිල් සේවක මහතුන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් 2021 ජනවාරි මස 01 දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සුභාෂිනී දොඩම්තැන්න මාරසිංහ මැතිණියගේ උපදෙස් මත 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් යුද්ධ හමුදා සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩහටහනක් 2021 ජනවාරි මස 01 දින සංවිධානය කරන ලදී.

එහිදි 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු එම ඒකකයේ සියළුම නිලධාරින්, සෙසු නිලයින්, සිවිල් සේවක මහතුන් හා සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මේ අවස්ථාව සඳහා සහභාගි විය.