Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

27th January 2021 08:31:22 Hours

යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ 17 වන වාර්ෂික මහසභා රැස්වීම 2021 ජනවාරි මස 23 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ 17 වන වාර්ෂික මහසභා රැස්වීම 2021 ජනවාරි මස 23 වන දින යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහිදි පවත්වන ලද අතර, එම අවස්ථාවට සහභාගිවු යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ සභාපති තුමිය වන සුභාෂිනී දොඩම්තැන්න මාරසිංහ මැතිණිය, උප සභාපතිනිය වන රංගිකා දිසානායක මැතිණිය හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.

චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහි කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන ලදී. පසුව ගරු සභාපති තුමිය විසින් නව කාර්ය මණ්ඩලය පත් කර යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් වශයෙන් තමන්ට පැවරෙන වගකීම් පිලිබඳ අවධාරණය කිරීමෙන් අනතුරුව සභාව සතුටින් විසිර යන ලදී.

2021 වර්ෂයේ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ නව කාර්ය මණ්ඩලය

සභාපතිනි   :-    සුභාෂිනි දොඩම්තැන්න මාරසිංහ මැතිණිය.
උප සභාපතිනි  :-   රංගිකා දිසානායක මැතිණිය.
ලේකම්    :-   පූර්ණිමා දිසානායක මැතිණිය.
උපලේකම්    :-   දීපිකා විතානච්චි මැතිණිය.
භාණ්ඩාගාරික   :-   තමරා වීරකෝන් මැතිණිය.
උප භාණ්ඩාගාරික   :-   දීපිකා හේරත්ගේ මැතිණිය.