Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

25th January 2021 19:00:27 Hours

4 (සෙව්) ශ්‍රීලයුයුබ ඒකක 14 වන සංවත්සරය 2021 ජනවාරි මස 09 වන දින අභිමානවත් ලෙස සැමරීම.

4 (සෙව්) ශ්‍රීලයුයුබ 14 වන සංවත්සරය 2021 ජනවාරි මස 09 දිනට යෙදී තිබු අතර නි/64327 ලුතිතන් කර්නල් ඩබ්එම්එස්එම්බී වන්සේකර ඒඒටීඕ ශ්‍රීලයුයුබ ඒකක අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් වලට මුල්තැන දෙමින් 2021 ජනාවාරි මස 08 වන දින 1700 පැයට ඒකක බුදු මැදුර අභියස බෝධි පුජාමය පිංකමක් පැවැත්විණි.

2021.01.09 දින අණදෙන නිලධාරිවෙ‍‍‍‍‍‍ත කඳවුරු මුරයක් පිරිනමන ලදි. ඒකකයේ සියළු නිලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද රෙජිමේන්තු පොලිස් අංශය සහ සිවිල් සේවක නිවස්නය අණදෙන නිලධාරි විසින් විවෘත කරන ලද අතර, එදින ඒකක සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත් වන ලදි. තවද ඒකකයේ රාජකාරි කරනු ලබන සෙනීන්ගේ, 2020 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දු දරුවන් හට වටිනා පොත් කට්ටලය බැගින් පිරිනැමීමද එදින සිදු කරන ලදි.

ඒකක සංවත්සරයට සමගාමීව 2021.01.10 වන දින නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බෝධිපුජා පිංකමක් සියළු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2021.01.11 වන දින ඒකකය තුල ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, ඒකක සංවත්සර දිනය වෙනුවෙන් සිදු කරන ලද සියලුම වැඩසටහන් ඉතාමත් සාර්ථක අන්දමින් නිමා කරන ලදී.