Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

20th October 2020 19:16:53 Hours

නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි සියධූරයේ රාජකාරි අරඹයි.

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස 2020 ඔක්තෝබර් මස 14 දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි.

යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීව යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ගමගේ යුඑස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රධාන දොරටුවේදි මහත් හරසරෙන් යුතුව පිලිගන්නා ලදි. පසුව මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලදි.

නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන් දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

පසුව නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පැලයක් රෝපණය කිරිමේන් පසු නව කර්නල් සේනාවිධායක පැමිණි සිටි සියලු නිලධාරින් සමග සමුහ ජායරුපයකට පෙනිසිටින ලදි. ඉන් අනතුරුව නව කර්නල් සේනාවිධායක විසින් නිලධාරින් අමතනු ලැබු අතර, එහිදි නිලධාරින් පවත්වාගෙන යා යුතු ගුණාත්මක භාවය, ස්වයං විනය සහ හමුදා වෘත්තිමය භාවය පිලිබදව හරවත් දේශණයක් පවත්වන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නිලධාරින් වශයෙන් නායකත්වය ක්‍රියාත්මක කිරිමට හා නිලධාරි ලෙස කටයුතු කිරිමට උපකාරි වෙන නායකත්ව ගතිලක්‍ෂණ කිපයක් විස්තර කරන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තුවක් වශයෙන් මේ දක්වා ලබාගෙන ඇති ප්‍රගතිය සදහා සහය දුන් පසුගිය යුධොපකරණ බලකායේ විශ්‍රාමික කර්නල් සේනාවිධායක වරුන් වෙත සිය ප්‍රශංසාව පුද කරන ලදි.