Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th September 2020 16:57:22 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් බ්‍රිගේඩියර් ජේපීඑච් ගමගේ යුඑස්පී ඒඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 11 වන දින වැඩ භාරගන්නා ලදි.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, නව මසේවි තුමා රෙජීමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ‍තවද ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගැනීම, පොල්තෙල් පහන දැල්වීම, උත්සව අවස්ථාව සංකේතවත් කිරීම සදහා පැලයක් සිටුවීම, සියලු නිල තේ පැන් සංග්‍රහය සහ නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමා භඨ පිරිස් ඇමතිම සිදු කිරීමෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.