Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

15th July 2020 09:34:45 Hours

නිල උසස් විම් ලද අධ්‍යක්ෂක ජෙනරාල් යුධොපකරණ සේවා මේජර් ජෙනරාල් සීයු මාරසිංහ ආර්එස්පී යුඑස්පි වෙත රෙජිමේන්තුවේ උපහාර.

මේජර් ජෙනරාල් සීයු මාරසිංහ ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීම නිමිතිකොටගන 2020 ජූලි මස 03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩහිදි ඉතා අභිමානවත්ව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ බලලත් නිලධාරීන් ඇතුලු සෙසුනිල සහභාගීත්වෙයන් යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමීම සිදුකරන ලදී.

යුද්ධ හමුදා සම්මාන මුරෙයන් සහ සියළු නිලයිගේ උණුසුම් සුභ පැතුම් මැද අභිනව නිල උසස්වීම සනිටුහන් කිරීම වස් “නුග පැලයක්” සිටුවා සියලු නිලයින් සමග සමූහ ඡායාරෑපයක් සදහා පෙනී සිටිමෙන් අනතුරුව පැවති සියලු නිලයන් විසින් පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහය භුක්තිවිදීමෙන් අනතුරුව ඔවුන්හට ඇමතීමටද අමතක නොකලේය.

පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නෙය්දී තම නිල සම්ප්‍රප්තියේ සතුට නිමිතිකොටගන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සියලු නිලධාරීන් හට සාම්ප්‍රදායිකව ඉතා උසස් අන්දමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර ඒම උත්සව කටයුතු ඉන් නිමාවට පත්කරන ලදී.