Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th March 2020 22:06:50 Hours

රටේ අවශ්‍යතාවය මත ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම.

රට තුල උද්ගතව ඇති කොරෝනා “COVID – 19” වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් යුද්ධ හමුදාව රජයේ වෛද්‍ය අංශ සමග උරෙන් උර ගැටී මහඟු සත්කාරයක යෙදී සිටින අතර, දිවයින පුරා රුධිර පරිත්‍යාග ශිලීන්ගේ රුධිරය ලබාගැනි‍මේ යම් පසුබෑමක් දක්නට ලැබී ඇත. යුද්ධ හමුදාව විසින් එවැනි අවස්ථාවක රුධිරය පරිත්‍යාගය කිරීමේ අවශ්‍යතාවය සලකා බලා සාමාන්‍ය ජනතාව හට රුධිරය ලබාදීම සඳහා යුද්ධ හමුදා රෝහලේ රුධිර බැංකුව වෙතින් ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් 2020.03.22 වන දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් සංවිධානය කර පැවැත්වූ අතර, ඒ සඳහා යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය, යුධොපකරණ කර්මාන්ත ශාලාව සහ යුධොපකරණ පුහුණු පාසල වෙතින් නිලධාරි/සෙසුනිලයින් 100ට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා සහභාගි විය.