Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

14th March 2020 08:16:04 Hours

යුධොපකරණ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල “කප්රුක් පූජාව” හා “කිරි ආහාර පූජාව”

“කප්රුක් පූජාව” හා “කිරි ආහාර පූජාව” යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මග පෙන්වීමෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධීක්ෂණය සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ අධීක්ෂණය යටතේ 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මගින් සංවිධානය කරන ලදි. මෙම පූජාවේ ප්‍රධාන අරමුණ වූයේ යුධොපකරණ බලකායෙහි මියගිය සියළු රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීමත් ආබාධිත රණවිරුවන් සියළු දෙනාහට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට සේවයේ යෙදී සිටින සියළු නිලධාරී/ සෙසු නිලයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් හා සිවිල් සේවක මහත්ම මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්ය. මෙම අවස්ථාවට මව්බිම ආරක්ෂා කිරීම සදහා උත්තරීතර පරිත්‍යාගයක් කළ යුධොපකරණ බලකායේ මියගිය රණවිරුවන් 61 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්, දැනට සේවයේ යෙදී සිටින නිලධාරී, සෙසු නිලයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන් 350 කට වැඩි පිරිසක් සහභාගී වීම විශේෂ කරුණකි. තවද මේ සදහා ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද සහභාගි විය. කප්රුක පූජාව 2020 මාර්තු මස 07 වන දින සවස අනුරාධපුරයේ “රුවන්වැලිමහසෑය” අභියසදී පැවැත් වූ අතර “කිරි ආහාර පූජාව” පසුදා උදෑසන අනුරාධපුරයේ “ජය ශ්‍රී මහා බෝධිය” අභියසදී පවත්වන ලදි.

ඉන් පසුව 2020 මාර්තු මස 08 වන දින 1000 පැය සිට 1300 පැය දක්වා 2 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් “මානසික සෙ!ඛ්‍ය” පිළිබද දේශණයක් සංවිධානය කරන ලදි. එය මෙහෙයවනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහේෂ් විජේසූරිය විසිනි. යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ජේෂ්ඨ සාමාජිකාවන් හා එම පවුල්වල සාමාජිකයින් 200 කට වැඩි පිරිසක් දේශණය සදහා සහභාගී වූ අතර දිවා ආහාරයෙන් පසුව වැඩසටහන නිමා විය.