Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th March 2020 00:35:26 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ පාලන පරීක්‍ෂාව 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය

මධ්‍යස්ථාන සේනාවිධාක ශ්‍රිලයුයුබ බ්‍රිගේඩියර් එස්එන්ඒ දිසානායක ඒටීඕ විසින් 2020 මාර්තු මස 04 වන දින 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ පාලන පරීක්‍ෂණය සදහා සහභාගී විය. 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ජිඒඅයි නානායක්කාර ඒඒටීඕ ශ්‍රිලයුයුබ විසින් මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ පිළිගැනීමෙන් පසු සම්මාන මුරයක් පිරිනමන ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ විසින් 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ පාලන රාජකාරී සැබැදිව පරීක්‍ෂාකරනු ලැබූ අතර, එම අවස්ථාවේදී නිලධාරී/සෙසු නිලයින්ගේ පාලන ගැටළු සබැදිව විශේෂ අවධානයක් යොමු කරන ලදී. පසුව සියළු නිලයින් ඇමතීමෙන් පසු පාලන පරීක්‍ෂාව අවසන් කරන ලදී.