Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th August 2019 17:31:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා නව රෙජිමේන්තු කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් කර්නල් එස් එන් ඒ දිසානායක ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 අගෝස්තු මස 15 වන දින වැඩ භාරගන්නා ලදි.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, නව කාර්ය නියුක්ත මසේවි තුමා රෙජීමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ‍තවද ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගැනීම, පොල්තෙල් පහන දැල්වීම, උත්සව අවස්ථාව සංකේතවත් කිරීම සදහා පැලයක් සිටුවීම, සියලු නිල තේ පැන් සංග්‍රහය සහ නව කාර්යයේ නියුක්ත මසේවි භඨ පිරිස් ඇමතිම සිදු කිරීමෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.