Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

15th August 2019 19:41:43 Hours

යුධොපකරණ වර්ණ රාත්‍රිය - 2019

ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ වර්ණ රාත්‍රිය අද (2018.08.08) සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වර්ණ රාත්‍රියේදී ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් 147 දෙනෙකු වෙත රෙජිමේන්තු සහ යුද්ධ හමුදා වර්ණ ප්‍රදානය කරන ලද අතර සුප්‍රසිද්ධ කලාකරුවන් වන චන්දන වික්‍රමසිංහ මහතා සහ කෙවින් නුගේරා මහතාගේ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් සහ සංගීතයෙන් වර්ණවත් ව්ය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පි ඒඒටිඕ එල්එස්සි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. තවද, මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මීය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මනීෂා යාමිනි විද්‍යානන්ද මහත්මීය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම වර්ණ රාත්‍රියේ දී, පසුගිය වසර කිහිපය තුළ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ක්‍රීඩකයින් ඇගයුමට ලක්කරමින් කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.

සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම වර්ණ රාත්‍රියේ දී, යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ තෝරාගත් ප්‍රවීණ ක්‍රීඩකයින්ට ද ගෞරව කරන ලදී. රග්බි ක්‍රීඩාවේ දක්‍ෂතා දැක්වූ රග්බි ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණයෙකු වූ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජයදේව ජයවර්ධන ගෞරවණිය ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. උත්සවයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ බ්‍රිගේඩියර් චන්දන මාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ස්තූති කතාව සිදුකරනු ලැබීය.