Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

13th July 2019 11:19:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා සාමාජිකයින් ‘අභිමන්සල - II’ සංචාරය කිරීම

ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මනීෂා විද්‍යානන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 14 වන දින අනුරාධපුරයේ ‘අභිමන්සල - II’ සංචාරය සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහනේදී සේවා වනිතා සාමාජිකයින් විසින් තෑගි පාර්සල් 39 ක් අභිමන්සල - II වෙත බෙදා දුන් අතර, ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා සාමාජිකයින් රයිස් කුකර් කිලෝ ග්‍රෑම් 5 ග 01 ක් සහ 43'LED ටීවී ග: 01 ක් අභිමන්සල - II වෙත පරිත්‍යාග කරන ලදී.

මේ අවස්ථාව සදහා මේජර් ‍ජෙනරල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි උපකරණ මාස්ටර් ජෙනරාල් (AHQ) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ කර්නල් සේනාවිධායක, යුධොපකරණ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, සේවා වනිතා සාමාජිකාවන්, ජේෂ්ඨ නිලධාරී, නිලධාරීන්, නිලධාරිණියන් හා සෙසු නිලයින්ගේ පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.