Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

13th July 2019 11:14:35 Hours

2019 ජුනි 24 වන දින රෙම ශ්‍රිලයුයුබහි දී නිලධාරින්ගේ පුහුණුවීම් දිනය සාර්ථක පවත්වන ලදි

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා වර්ෂයට අදාල දෙවන පුහුණු වැඩසටහන 2019 ජුලි මස 24 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

එහිදි, උදැසන තරුණ නිළධාරීන් සඳහා ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් පසු වැඩ සටහන ආරම්භ වු අතර, පලමු ආරධිත දේශකයා ලෙස ලුතිතන් කර්නල් එච්බිබිඑන් හේරත් ආර්එස්පී ශ්‍රිලංසසබ විසින් ISIS සංවිධානයේ ව්‍යාප්තිය හා ශ්‍රිලංකාවට ඇති බලපෑම යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් පවත්වනු ලැබීය.

ඉන් පසු මේජර් පිජිසිඑස් විජේරත්න එල්එස්සි සහ මේජර් එස්පිආර් දිසානායක එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පතරොම් ගබඩාකිරිම, සංරක්‍ෂණය කිරිම, රෙගුලාසි හා ප්‍රවාහනය කිරිම යන මැයෙන් දේශනයක් පැවැත්වීය.

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රිලයුයුබ නිලධාරින්ගේ ඉදිරි වෘත්තීය ප්‍රගතිය සහ යුධොපකරණ අනාගත ඉදිකිරිම් සැලැස්ම පිලිබද වට්නා දේශණයක් රෙම ශ්‍රිලයුයුබ නිලධාරි නිවස්නයේදි පවත්වන ලදි. එදින රාත්‍රි භෝජන සංග්‍රහයත් සමඟින් පුහුණු දින වැඩසටහන අවසන් විය.