Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

06th July 2019 19:15:32 Hours

රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019.06.24 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ තුන්වන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 ජුනි මස 24 වන දින උපකරණ මාස්ටර් ජෙනරල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

රැස්වීමේදී මෙම රෙජිමේන්තුවේ නිලධාරින්ගේ වෘත්තිමය ප්‍රගතිය පිලිබද ගැටලු, ක්‍රිඩාංගනයේ සංවර්ධන කටයුතු හා පරිපාලන ගැටළු පිළිබඳව සාකච්ඡාවට භාජනය වූ අතර, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඹි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේහි අවසන් සභා රැස්වීම හා කර්නල් ආර්ජි හේරත්ගේ ඒඒටිඕ ශ්‍රිලයුයුබ සහ කර්නල් ඊ එම්එම් ප්‍රනාන්දු ඒඒටිඕ එල්එස්සි ශ්‍රිලයුයුබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රථම මන්ත්‍රණ සභා රැස්විම මෙය ව්මද සුවිශේෂි කරුණකි.