Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

01st April 2019 09:11:36 Hours

රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබගේ උත්තරිතර සංකල්පයකට අනුව 2019 මාර්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය දොඹගොඩ කදවුරු භූමිය තුල රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මේ අවස්ථාව සදහා උපකරණ මාස්ටර් ජෙනරාල්, කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිණියන්, සෙසු නිලයින් හා අඩවි වන නිලධාරී කාර්යාලය - ඉංගිරිය වෙතින් පැමිනි නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී. මෙම වැඩසටහන යටතේ විවිධ පැළ වර්ග 550 ක් පමණ කදවුරු භුමියේ රෝපණය කල අතර පැමිණි සියලු දෙනා වෙත ඹෟෂධ්ය කොල කැඳ පානයක් ලබාදිමටද කටයුතු සිදුකරන ලදි.

ඉන් අනතුරුව ඉංගිරිය අඩවි වන කාර්යාලයේ නියෝජිතයින් විසින් “පරිසරය සුරකිමු” යන තේමාව යටතේ දේශණයක් පවත්වා වන සම්පත සුරකීමේ වටිනාකම හා සීඝ්‍ර ලෙස වන ගහනය අඩුවීම හේතුවෙන් ශ්‍රි ලංකාව මුහුනදී ඇති තත්වය පිලිබදව දැනුවත් කර වැඩ සටහන නිමා කරන ලදි.