Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th March 2019 18:06:14 Hours

නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් ජේ ඩි පි ජයතිලක යුඑස්පි ඒටිඕ වෙත රෙජිමේන්තුවේ උපහාර.

මේජර් ජෙනරාල් ඩි පි ජයතිලක යුඑස්පි ඒටිඕයන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 මාර්තු මස 26 වන දින ව්ශ්‍රාම ගැනිම වෙනුවෙන් 2019 මාර්තු 26 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

හමුදා ගෞරවයෙන් පසු රෙජිමේන්තු මූලස්ථානයේ පැලයක් රෝපණය කිරිම, සියලු නිළධාරීන් සමග සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.

සියලු නිලධාරින් විසින් මේජර් ජෙනරාල්වරයා හට උණුසුම් සුභ පැතුම් ඉදිරිපත් කළ අතර, සියළුම නිලයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහය පැවත්වන ලදි. ඉන් පසු නිලධාරී නිවස්නයේ නිලධාරීන් සදහා රාත්‍රි භෝජනයෙන් අනතුරුව සමරු තිලිණයක් ලබාදිම සිදුකරන ලද අතර, අමුත්තන්ගේ පොතේහි සටහන් තැබීමෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.