Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st March 2019 00:38:22 Hours

අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ දවසේ ආධිපත්ය පතුරුවාලමින් ජයග්‍රහණය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කණ්ඩායම අත්පත් කරගනි

අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලියේඅවසන් මහා තරඟය 2019 පෙබරවාරි 21 දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වු අතර සති කීපයකට පෙර අර්ධ අවසන් තරගයට සහභාගී වූ සියලුම රෙජිමේන්තු නියෝජනය කල වොලිබෝල් කණ්ඩායම් අතුරින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ වොලිබෝල් කණ්ඩායම(විපාරෙ) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා වොලිබෝල් කණ්ඩායම (ශ්‍රිලයුයුබ) අවසන් වටයට සුදුසුකම් ලැබිමට සමත් විය. රිද්මයානුකූල අත්පොලොසන් හඬින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාවොලිබෝල් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී .

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, අනෙකුත් ආරාධිතයින් වශයෙන්යෝ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂක මෙන්ම යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා, යුද්ධ හමුදා ක්‍රිඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන්, අණදෙන නිළධාරීවරු,ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නිළධාරිනියන් අවසන් තරඟය උද්යෝගයෙන් යුතුව බලා සිටියේය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්දය මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නන්දන තලගහවත්ත යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් වොලිබෝල් ක්‍රිඩකයින්ට සුබ පැතුම් පිරිනැමූ අතර, රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , නිලධාරීනියන්, සෙසු නිලයන් සහ වොලිබෝල් ක්‍රිඩා ලෝලීන් විශාල පිරිසක් වොලිබෝල් තරඟය නැරඹීමට සහභාගී විය.