Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

15th March 2019 11:53:37 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා සේවා වනිතා ඒකකයේ 16 වන වාර්ෂික සැසිවාරය සාර්ථකවඅවසන් විය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා සේවා වනිතා ඒකකයේ 16වන වාර්ෂික මහා සභා රැස්වීම සෙනසුරාදා (පෙබරවාරි මස 23 වන දින) දින දොඹගොඩ යුධොපකරණ පුහුණු පාසලේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මේ සදහා යුධොපකරණ බළකා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනිය වන මණිෂා විද්‍යානන්ද මහත්මිය සහ සේවා වනිතා සමාජිකාවන් සහභාගී විය.
2019 වර්ෂය සදහා නව නිලධාරි මඩුල්ලක් පත් කරගන්නා ලදි.

සභාපතිනිය - මණිෂා ශාමනි විද්‍යානන්ද
උපසභාපතිනිය - හර්ෂා ප්‍රියංගනී ගොඩහේනගේ
ලේඛමි - ක්‍රිස්ටීන් අයරින් තලගහවත්ත
උප ලේඛමි - රංගිකා සුභාෂිණි සමරනායක
භාණ්ඩාගාරික - චලනිකා ජයනි රණතුංග
උප භාණ්ඩාගාරික - ගීතාංජලී සමන්තිකා

ඉන් පසු විශේෂ වැඩසටහනක් ලෙස දේශිය ආහාර පිළිබද වැඩමුලුවක් ඇපෙක්ස් අවුරා (පුද්) ආයතනය මගින් සිදුකර අතර දිවා ආහාරයෙන් පසු වැඩ සටහන නිමා වන ලදි.