Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

15th March 2019 10:57:38 Hours

රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019.03.08 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ පලවන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 මාර්තු මස 08 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

රැස්වීමේදී මෙම රෙජිමේන්තුවේ නිලධාරින්ගේ වෘත්තිමය ප්‍රගතිය පිලිබද ගැටලු, ක්‍රිඩාංගණයේ සංවර්ධන කටයුතු හා පරිපාලන ගැටළු පිළිබඳව සාකච්ඡාවට භාජනය වූ අතර, රෙජිමේන්තු මණත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු හැර අනෙකුත් සියලූම සාමාජිකයන් රැස්වීම සඳහා සහභාගී වන ලදී. රෙජිමේන්තු මණත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙ ඒ ඩි පි ජයතිලක යුඒස්පි ඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අවසන් සභා රැස්වීම මෙය විමද සුවිශේෂි කරුණකි.