Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

23rd February 2019 10:04:03 Hours

යුධොපකරණ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්විම ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්විම 2019 පෙබරවාරි මස 17 වන දින සේවා මුක්ත භට සංගමයේ මුලස්ථානය වන බ්‍රිස්ටල් විදිය කොලඹ 01 විජිතපුර ශාලාවේදි පවත්වන ලදි.

මේ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් 250 ක් දිවයිනේ නොයෙකුත් ස්ථාන නියෝජනය වන පරිදි සහභාගි විය.

සංගමයේ ගරු සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් ජේ පි ඒ ජයවර්ධන මහතා මුලාසනය හෙබවූ අතර සේවා මුක්ත භට සංගමයේ ගරු සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ ඒ ඥානවීර මහතා, ගරු භාණ්ඩාගාරික විශ්‍රාමික කර්නල් අමරකෝන් මහතා හා ශ්‍රීලයුයුබ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.

එදින සංගමයේ විධායක කමිටුව හා අනුබද්ධිත කමිටුව සඳහා අලුත් සාමාජික මහත්වරුන් කිහිපදෙනෙකු මහා සහාවේ යෝජනා හා ස්ථිරත්වයෙන් තේරී පත් විය.