Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st February 2019 14:20:10 Hours

නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යුඑස්පි වෙත රෙජිමේන්තුවේ උපහාර

මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යන ජ්‍යෙෂඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 පෙබරවාරි මස16 වන දින විශ්‍රාම ගැනිම වෙනුවෙන් 2019 පෙබරවාරි මස 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩදි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් එම් ඩබ් බී එන්තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධහමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

හමුදා ගෞරවයෙන් පසු රෙජිමේන්තු මූලස්ථානයේ පැළයක් රෝපණය කිරිම, සියලු නිලධාරීන් සමග සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.

සියලු නිලධාරින් විසින් මේජර් ජෙනරල්වරයා හට උණුසුම් සුභ පැතුම් ඉදිරිපත්කළ අතර සියළුම නිලයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රාහයක් පවත්වන ලදි. අනතුරුව අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමෙන් පසු වැඩ සටහන අවසන් විය.