Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

17th January 2019 12:29:03 Hours

නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2019.01.14 දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිඑස් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි නව ධූරයේ රාජකාරී ඇරඹීය.

නව උපකරණ මාස්ටර් ජෙනරාල් තුමන්, මහා සංඝ රත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවේ ආශීර්වාද මධ්‍යයේ සිය කාර්යාලයේ දී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් කාර්යාලය යටතේ සේවයේ නියුතු අධ්‍යක්‍ෂවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි සිය ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති තනතුර ඇතුළු උසස් තනතුරු බොහෝමයක් හොබවා ඇත. දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි ඉටුකරයි.