Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th December 2018 19:33:57 Hours

කර්නල් සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි

රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බී.එස්. විදානගේ 2018 දෙසැම්බර් මස 16 වන දින වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2018 දෙසැම්බර් මස 16 වන දින සිදුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කර්නල් සේනාවිධායකවෙත හමුදා සම්ප්‍රදානුකුල කදවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසසපැමිණි නික්මයන කර්නල් සේනාවිධායක වෙත රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකුල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.ඉන් අනතුරුව නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විදි්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි වෙත සිය ධුරයේ රාජකාරි භාරදෙන ලදි.

මෙම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සේනාවිධායකවරු, අණදෙනනිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නික්මයන ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බළකා කර්නල් සේනාවිධාය විසින් කදවුරු පරිශ්‍රෙය් පැළයක් ද රෝපණය කර සේවයේ නියුතු සියලුම සේනාවිධායකවරු, අණදෙන නිලධාරින් සහ සියලුම නිලධාරින් සමඟ සමුහඡායාරූපයකට ද පෙනී සිටියහ. තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ අතර රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් අමතමින් සිය ධූර කාලය තුල සියලුමදෙනා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ.

එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ සාදය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගි වෙන ලදි.එහිදි, මේජර් ජෙනරාල් බී.එස්. විදානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සිදුකරනු ලැබු සේවය ඇගයිමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලදි.