Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

06th July 2018 07:39:02 Hours

2018 ජුනි 20 වන දින රෙම ශ්‍රිලයුයුබහි දී නිලධාරයන්ගේ පුහුණුවීම් දිනය සාර්ථක විය

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා පුහුණු වැඩසටහනක් 2018 ජුලි මස 20 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

එහිදි, උදැසන තරුණ නිළධාරීන් සඳහා ශාරීරික පුහුණුන් පසු වැඩ සටහන ආරම්භ විය. පලමු ආරධිත දේශිකාව ලෙස ගයානි ද අල්විස් මහත්මිය විසින් හරිත භඨකාර්ය යන මැයෙන් හරවත් දේශනයක් පවත්වනු ලැබීය.

ඉන් පසු වෛද්‍ය තාමර කළුබෝවිල ආතති කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් හා රැකියා ස්ථානයේ සාමකාමී මනසක් ඇති කර ගැනීම යන මැයෙන් දේශනයක් නිලධාරි නිවස්නයේ පැවැත්වීය.

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේර් ජෙනරාල් බි එස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය මත රෙජිමේන්තුවේ නිලධාරින් හට මෙම පුහුණු වැඩසටහන පැවැත්විණි. එදින රාත්‍රි භෝජන සංග්‍රහයත් සමඟින් පුහුණු දින වැඩසටහන අවසන් විය.