19th October 2024 09:57:01 Hours
2024 ඔක්තොම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය සිය 75 වන විශිෂ්ඨත්වය සහ ජාතිය වෙනුවෙන් කැපවූ සේවය සනිටුහන් කරමින් අභිමානවත් ලෙස සමරන ලදී. ආඥාපති භකාසඅණසක සහ ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩිඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් මෙම සන්ධිස්ථානය පිරිනමන ලද අතර, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒජිසීආර් අමරසිංහ යුඑස්පී ඒටිඕ විසින් ගෞරව සහිතව පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ විනය සහ අභිමානය විදහා දක්වමින් සම්ප්‍රදායික ආරක්ෂක භට පිරිස් පිරික්සීමෙන් දිනයේ කටයුතු ආරම්භ විය. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය කෙටි වේලාවකට කල් දැමුණද, බළකාය කිසිදු බාධාවකින් තොරව සැමරුම් පැවැත්වීය. බළකායේ පොහොසත් ඉතිහාසය සහ දායකත්වය සංකේතවත් කරමින් දියමන්ති ජුබිලිය සැමරීම සඳහා විශේෂ මුද්දරයක් එළිදක්වන ලදී. වර්ෂාව පහව ගිය පසු ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම ඉස්මතු කරමින් පෙළපාලිය නැවත ආරම්භ විය.
පෙළපාලියෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සමඟ එම අවස්ථාව අමරණීය කරමින් සමූහ ඡායාරූපයක් ද ගන්නා ලදී. සුහදත්වය වර්ධනය කිරීම සඳහා සියලු නිලයන්ගේ තේ පැන් සංග්‍රහයක් සමඟින් සැමරුම් අඛණ්ඩව සිදු වූ අතර ඉන් අනතුරුව සියලුම නිලයන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද යුධොපකරණ පුහුණු පාසල් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. දිවා භෝජන සංග්‍රහය අතරතුර, කර්නල් සේනාවිධායක විසින් මෙම සුවිශේෂී අවස්ථාවට ඔවුන්ගේ සහභාගීත්වය සනිටුහන් කරමින් සහ බළකායට ඔවුන්ගේ දායකත්වය අගයමින් නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට සමරු කාසියක් සමරු ඵලකයක් ලෙස ප්රදානය කරන ලදී.
මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ ගැඹුරු සම්ප්‍රදායන්, ජයග්‍රහණ සහ උරුමය ගෞරවයට පාත්‍ර වූ අතර, පසුගිය 75 වසර තුළ ජාතියේ ආරක්ෂාව සහ සේවය සඳහා එහි කැපවීම යළිත් තහවුරු කරන ලදී.