Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th April 2023 08:51:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

කා:නි මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් කර්නල් කේ එමි ඩබ් කේ පෙරේරා ඒඒටිඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අප්‍රේල් මස 04 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා විධිවිධාන මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, නව මසේවි තුමා රෙජීමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් පසු ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයන් සඳහා පෙනිසිටි අතර. පැමිණි නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් වැඩ සටහන අවසන් විය.