Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

02nd April 2018 11:23:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා නව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

කාර්ය නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් කර්නල් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 මාර්තු මස 06 වන දින වැඩ භාරගන්නා ලදි.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, නව මසේවි තුමා රෙජීමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ‍තවද ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගැනීම, පොල්තෙල් පහන දැල්වීම, සියලු නිල තේ පැන් සංග්‍රහය සහ නව මසේවි භඨ පිරිස් ඇමතිම සිදු කිරීමෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.