Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

14th July 2022 07:18:49 Hours

වාර්ෂික සේවාවනිතා වැඩසටහන අනුව 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙතින් ආධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සෙනාවිධායක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති දීපිකා වින්තාමනි වීරතුංග මහත්මියගේ මගපෙන්වීම මත 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් 2022 ජුලි 03 වන දින මුලතිව් “ලදනි“ ළමා නිවාසය සඳහා ආධාර බෙදාදීමේ වැඩසටහනක් සහ දිවා ආහාරය පිරිනමන ලදී.

7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරී මේජර් ඒඑම්ආර්එච්බී අබේසිංහ යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සියළු නිලධාරීනි/ සෙසු නිලයින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.