Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

04th May 2018 16:19:29 Hours

යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය “සුර්යය මංගල්‍ය 2018” සමරයි

සිංහල හා දෙමල අළුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා යුධොපකරණ බලකායේ සියළු යුධොපකරණ ඒකක, ගබඩා, ආයතන, යුධොපකරණ පුහුණු පාසල, යුධොපකරණ කර්මානත ශාලාව සමඟ එක්ව රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කර 2018.04.21 දින 1700 පැයේ සිට 2100 පැය දක්වා දොඹගොඩ පරිශ්‍ර ක්‍රිඩා පිටියේදී පවත්වනු ලැබීය.

යුධොපකරණ බලකා රෙජිමේන්තු “සුර්යය මංගල්‍ය 2018” සාම්ප්‍රධායික ජන ක්‍රිඩා, විනෝද ක්‍රීඩා සහ සාම්ප්‍රධායික ජන ජීවිතයේ විවිධ අංශ නිරූපනය කරමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

යුධොපකරණ සේවා වනිතා ශාකාවේ මඟ පෙන්වීම මත පැවැත්වු මෙම අළුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම යුධොපකරණ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බීඑස් විධානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භවිය.

සාම්පදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු සියළු රණවිරුවන් සිහිපත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා, අනෙකුත් ආරාධිතයින්, නිලධාරීන් සෙසු නිලයින් ඇතුළු රණවිරුගම ප්‍රදේශවාසීන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.

ග්‍රීස් ගස නැගීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම, පොල් අතු විවීම, පොල් ගෑම, කොට්ටා පොර, කණා මුට්ටිය බිදීම, සැගවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරඟය හා විකට ඇදුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විතව කම්මල් ගෙදර, කමත, පැල, කෝරාලේ මහත්තයා, මැණිකේ සහ පිනාගේ චරිත වලට පණ ‍පොවමින් ගැමි ගෙදර විචිත්‍රවත් ලෙස උත්සවය අලංකාර කළ බැවින් මෙම උත්සවයට සහභාගී වූවන් විනෝදාස්වාදයට පත්වූ අතර මෙම උත්සවය රාත්‍රී කාලයේ පන්දම්, ලන්තෑරුම්, පොල්කෝම්බ මගින් ආලෝකමත් වීම තුලින් පැමිණි සිටි සියළු දෙනාට නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙම අළුත් අවුරුදු උත්සවය සදහා සහභාගිවු සියළු දෙනාට කැවුම් කොකිස් අතිරස සහිත සිංහල අළුත් අවුරුදු සංග්‍රහයක් හා රාත්‍රි භෝජන සංග්‍රය කිරිමේන් අනතුරුව තරඟ ඉසව්වන් සදහා සහභාගි වී ජයග්‍රහණය ලැබුවන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය.

මෙම අළුත් අවුරුදු උත්සවය සදහා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයින්, විශේෂ ආරාධිත අමුත්තන්, පවුල් වල සමාජීකයින් හා සිව්ල් කාර්යමණ්ඩලය සමාජිකයින් සහ රණවිරුගම ගම්වාසින් රැසක් ද එක්ව සිටියහ.