Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th July 2018 10:41:01 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්විමක් ලද මේජර් ජෙනරාල් එච්.ජි.අයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තුවේ හරසර.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මේජර් ජෙනරාල් එච්.ජි.අයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි, වත්මන් කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසහී ආඥාපති වශයෙන් කටයුතු කරන අතර, 2018 මැයි මස 16 වන දින සිට බල පැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් නිලයට උසස්වී ඇත.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරාල් එච්.ජි.අයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2018 ජුලි මස 06 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි සම්ප්‍රදායන්ට අනුකූලව ගෞරවාන්විතව මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

හමුදා ගෞරවයෙන් පසු රෙජිමේන්තු මූලස්ථානයේ සඳුන් පැලයක් රෝපණය කිරිම, සියලු නිළධාරීන් සමග සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටිම හා මහා සංඝයා විසින් ආගමික වතාවත් සිදුකර අභිනව මේජර් ජෙනරාල් වරයාට ආශිංෂනය පිරිනමන ලදි.

සියළුම නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවැති තේ පැන් සංග්‍රහය සහ නිලධාරී නිලධාරී නිවස්නාය් නිලධාරී දිවා භෝජනයෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.