Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th March 2022 17:22:29 Hours

මාණ්ඩලික ප්‍රධානි විසින් යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ ටයර් නැවත පිරවීමේ අංශය සංචාරය කිරීම

මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ ටයර් නැවත පිරවීමේ අංශයේ නිරීක්‍ෂණ සංචාරය 2022.02.22 දින සිදු කරන ලදී.

එදින එතුමන් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ඒටිඕ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසිනි.

මෙහිදි මාණ්ඩලික ප්‍රධානි විසින් ටයර් නැවත පිරවීමේ අංශයෙහි නිශ්පාදන ක්‍රියාවලිය පිලිබඳ නිරීක්‍ෂණය කල අතර, අවම සම්පත් ප්‍රමාණයක් සහ මිනිස් ශ්‍රමයක් යොදාගෙන ටයර් නැවත පිරවීමේ අංශය විධිමත්ව පවත්වාගෙන යාම පිලිබඳ ප්‍රසංශා කරන ලදී.