29th July 2024 13:19:29 Hours
අධ්‍යක්ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් එස් ඒ එන් ඩි එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එච්ඩිඑම්සි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය, යුධොපකරණ සේවා අධ්‍යක්ෂක මණ්ඩලය හා යුධොපකරණ පුහුණු පාසල සම්බන්ධීකරණයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබද පුහුණු සැසියක් 2024.07.24 හා 25 යන දෙදින තුල යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙහි ආරම්භක දේශනය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එස් ආර් බි අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකල අතර, එහි අරමුණ පිළිබදව යුධොපකරණ සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් බී ආර් ඒ ජයරත්න යුඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පැහැදිලි කරන ලදි.
මෙම පුහුණු සැසියේ දේශනයන් කර්නල් වි ඩි වරුෂවිතාන, ලුතිතන් කර්නල් ඩබ්ලිව් එස්ඩි ප්‍රනාන්දු එල්එස්සි ඒටිඕ, ලුතිතන් කර්නල් එස් ඩි රංගේ යුඑස්පි එල්එස්සි ඒඒටිඕ සහ මේජර් කේ එම් ටි ආර් උලපනේ යුඑස්පි පිඑස්සි ඒටිඕ යන නිලධාරීන් විසින් සිදුකල අතර යුද්ධ හමුදා මූලස්ථානයෙහි රාජකාරී සිදුකරනු ලබන මානි 1 සහ මානි 2 නිලධාරීන් 96 දෙනෙකු මේ සදහා සහභාගී විය. මෙම පුහුණු සැසිය තුලින් ප්‍රසම්පාදන ක්‍රියා පිලිවෙත හැදින්වීම, මිල ගණන් කැදවීමේ දැන්වීම්/ මිල ගණන් පත් හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශය, මිල ගණන් පත් විවෘත කිරීම, නියැදියන් ලබාගැනීම, කාර්මික ඇගයිම් කමිටු පත්කිරීම, කාඇක කාර්යය භාරය, මුදල් ප්‍රථිපාදන සීමාවන්, භාණ්ඩ සැපයීම, මිල ගණන් නැවත කැදවීම හා විද්‍යුත් ප්‍රසම්පාදන පිළිවෙත පිළිබද හදුන්වාදෙන ලදි.