Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

28th June 2022 06:02:35 Hours

නිලධාරීන් පුහුණු කිරීමේ දින වැඩසටහන සාර්ථකව පවත්වන ලදී

නිලධාරීන් පුහුණු කිරීමේ දින වැඩසටහන 2022 ජූනි 22 දින යුධොපකරණ පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදි. පළමු දේශණය ලෙස යුද්ධ හමුදාවේ ඉතිහාසය, මූලික වටිනාකම්, අනිවාර්ය කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳව ලුතිනන් කර්නල් වීඩී වරුෂවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පවත්වන ලද අතර, ඉන් පසුව ආරාධිත දේශණය ලෙස ණයවර ලිපි ස්ථාපිත කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා බැංකුවේ විධායක නිලධාරීයෙකුවන ධනුෂ්ක සුමතිරත්න මහතා විසින් පවත්වන ලදී. අවසානයේ මේජර් ආර්ඩීඑස්ආර් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් යුධොපකරණ බලකා ඉතිහාසය, යුධොපකරණ සංවිධානය හා එකක ස්ථානගතවීම පිළිබඳව දේශණයක් පවත්වන ලදී. තවද, මේජර් ජෙනරාල් මංජුල කරුණාරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරී සමකාලීන දේශීය හා ගෝලීය බලපෑම් පිළිබඳව හරවත් දේශණයක් කර්නල් සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් නිලධාරී නිවස්නයේදී සිදුකරන ලදී.